-රු50.00

රාවණා අඩවිය

SKU: N/A

පාරිසරික විද්‍ය ප්‍රබන්ධ යොවුන් නවකතාවකි.

Email

රු300.00 රු250.00

Compare

Description

අතු බිදෙන හඬ ළඟ ළඟම ඇසෙන්නට විය. වනාන්තරය අඳුරෙහි ගිලෙමින් තිබුණි. යාබඳ අත්තේ උන් දිනෙත් බිම වූ යමක් පෙන්වන්නට විය. වනය තුලින් මතු වූයේ කළු පැහැති ගුලියකි. වලහෙක් යැයි සිතුවද, එය එසේ නොවන බව තේරුම් ගැනීමට ගතවූයේ නිමේෂයකි.

එහි වූයේ අවුරුදු කිහිපයක් වයසැති අලි පැටියෙකි. ඌ පිටුපසින් මතු වූයේ එවැනිම ප්‍රමාණයේ තවත් අලි පැටියෙකි. අනතුරුව තවත් අලි පැටියෙකි. මේ සිදු වන්නේ කුමක් ද ? මායාවක් ද ? මොවුන්ගේ වැඩිහිටි මව්වරුන් පෙනෙන්නට නැත්තේ ඇයි ? සිතට නැඟන්නේ ප්‍රශ්න වැලකි.

පුදුමයෙන් ඔවුන් දෙස බැලූ දිනෙත්,

” විශ්ව කෝ මෙයාලෑ අම්මල ”
යැයි ඇසුවේ සියුම් හඬකිනි.පැටවෙකු ලත් කල, සනුහරේ අනිකුත් ඇතින්නියන්ටත් කිරි එරෙන සත්ව ප්‍රජාවක මෙය මෙසේ විය නොහැක.
………………………………
මොවුන් කුරු අලින් ය. ඒත් සමඟ මීට වසර කිහිපයකට පෙර ඔවුන් පිළිබඳ පළ වූ ලිපියක් පිළිබඳ මතකය සැනකින් අලුත් විය. එය එතරම්ම ආකර්ෂණීය ය. ජීවිතයේ කිසිදු දිනෙක මේ දුර්ලභ සත්ව විශේෂය සියැසින් දකින්නට හැකි වේ යැයි සිතුවිල්ලක් එදින ඇති නොවුණි.

එහෙත් ඔවුන් තීරණාත්මක මොහොතේ අපගේ දෑස අබියස ය. අතීතයේ හෝර්ටන්තැන්න වැනි කඳුකරයේ වූ විශාල තෘණ භූමි වල මෙවැනි කුරු අලි විශේෂයක් වූ බව කියවේ. සුදු ජාතිකයන් විසින් දිගින් දිගටම කල සංහාරය හමුවේ ඔවුන් කඳුකර වනාන්තර වලට සීමා වන්නට ඇත.

අද මිනිස් පහසින් තොර මහ හිමයේ වාසය කරන මේ අලි විශේෂය දුටු හා අධ්‍යනය කල පිරිස් විරල ය. ශ්‍රී ලංකාවේ අලියා Elephas meximus meximus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර රුහුණු ගැටව් හා සෝමාවතී විල් අලි ලෙස ඔවුන්ගේ ශරීර ස්වභාවය, ජීවත්වන ප්‍රදේශය අනුව කොටස් දෙකකට බෙදා දක්වයි. එහෙත් කුරු අලි පැහැදිලිව වර්ග කොට නැත. ඇතමුන් පවසන පරිදි සාමාන්‍ය අලි කඳුකරයට අනුවර්තනය වෙමින් කාලයත් සමඟ කුරු අලි බිහිව ඇත………………………

උපුටා ගැනීම – රාවණා අඩවිය ( කෝකිල ගිහාන් විතානතන්ත්‍රී රචිත )

රාවණා අඩවිය පාරිසරික විද්‍යා ප්‍රබන්ධයකි.

Ready to ship in 1-3 business day


Shipping Calculation:

Reviews (0)

0.0
0
0
0
0
0

Be the first to review “රාවණා අඩවිය”

There are no reviews yet.

Vendor Information

  • Store Name: Nenasara publishers
  • Vendor: Kokila Gihan
  • No ratings found yet!